Saturday, April 27, 2024

General line - 0115112241

ඉදිරි පෙත්සම් විභාගයට ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන්න යන ඉල්ලීම

දිනුක් හේවාවිතාරණ




ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට්ටුවට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විනිසුරුවරුන් නව දෙනකු හෝ 11 දෙනකුගෙන් සමන්විත සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
 
හෙට (14) පාර්ලිමේන්තුවේ දී කතානායරකවරයා විසින් අලුත් අගමැතිවරයකු පත් කරනු ඇතැයි ඇතැමුන් බලාගෙන සිටිය ද අගමැති හා ඇමැතිවරුන් පත් කිරීමේ පූර්ණ බලය ඇත්තේ ජනපතිට පමණක් බවයි මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ.
 
නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
 
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ‘‘පාර්ලිමේන්තුව දේශපාලන ආණ්ඩු පෙරලියකට පසුගිය 26 වැනි දා භාජනය වූ බව අපි කළින්ම ප්‍රකාශ කළා. එවකට තිබුණු එක්සත් ජාතික පක්ෂයේ හා සන්ධානයේ ගිවිසුම අවසන් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අවසන් වුණා. එවැනි ගිවිසුමක අවසානයේ දී ආණ්ඩුව විසිරී යනවා. අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා වැඩි දෙනෙකෙගු බහුතර කැමැත්ත හිමි මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමත්‍යවරයා ලෙස පත් කර අමාත්‍ය මණ්ඩලයක් නම් කරනු ලැබුවා. මේ අතර ජනාධිපතිත් අගමැතිත් අමාත්‍ය මණ්ඩලයත් සාකච්ඡා කිරීමෙන් පසු මෙරට ඡන්ද දායකයන්ට උත්තරීතර පාර්ලිමේන්තුවක් අලුතින් පත් කිරීම සඳහා මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. ජනවාරි 05 මහ මැතිවරණ පවත්වන්න නිවේදනය නිනුත් කළා. පාර්ලිමේතුවක් විසිරවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණි. ඒ අනුව ඒ බලතල පාවිච්චිකරමින් රටේ ජතාවට අලුත් පාර්ලිමේන්තුවක් පත් කර රටේ ජනතාවට වඩා සුබවාදී කිරීමට පාලිමේන්තු මැතිවරණයකට සූදානම් වීම ආරම්භ කළා.
 
මේ අතරතුර පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමේ නිවේදනය පැවැත්වීමේ ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය අභියෝගයකට ලක් කරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහින් එය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා. අද ශ්‍රේෂ්ඨාධිකරණය එය තාවකාලික අත්හිටුවීමක් පමණක් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමක් පමණයි. ඉදිරියේදී ඒ සදහා කරුණු දක්වන්න දින නියම කරලා තියනවා. අපි අධිකරණය ලබා දුන් කාල වකවානුවලදී අදාළ කරුණු දැක්වීම් සිදුකරනවා යැයි ඇමතිවරයා කියා සිටියා."

මෙම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය විමල් විරවංශ කියා සිටියේ ඉතිහාසයේ පළමු වරට මහ මැතිවරණයක් පවත්වන්න එපා කියමින් විපක්ෂයේ පක්ෂ අධිකරණයට ගිය බවයි. තමන්ට ජනතාව ඉදිරියේ තිබෙන අකමැත්ත නිසා එයට බියවී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ මෙවැනි ආකාරයෙන් ක්‍රියා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.