Monday, April 29, 2024

General line - 0115112241

දිල්ලි මහඇමතිට මිරිස් කුඩු ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ දිල්ලි ප‍්‍රාන්ත මහ ඇමති අරවින්ද් කේජ්රිවාල්ට මිරිස් කුඩු ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පැවසුවේ දිල්ලි පොලීසිය විසින් ඊයේ (20) රාති‍්‍රයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව අදාළ සැකකරුට සාපරාධී කරුණු 04ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එහෙත් මීට පෙර දිල්ලි පොලීසිය පැවසුවේ එම මිරිස් කුඩු අදාළ සැකකරුගේ අතින් ගිලිහී ගොස් මහ ඇමතිවරයාට එල්ල වූ බවයි. එබැවින් එය අහඹු සිදුවීමක් බවද පොලීසිය ප‍්‍රකාශ කර තිබුණා. 

පොලීසියේ ප‍්‍රකාශ සම්බන්ධයෙන් විරෝධය පළ කරන දිල්ලි ප‍්‍රධාන අමාත්‍ය අරවින්ද් කේජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය පැවසුවේ පොලීසිය විසින් සාවද්‍ය ප‍්‍රචාර පතුරුවා හරින බවයි. සිය කාර්යාලයේ සිය දහවල් ආහාරය සඳහා පිටතට පැමිණි අවස්ථාවේදී ප‍්‍රධාන අමාත්‍යවරයා ඊයේ මෙම මිරිස් කුඩු ප‍්‍රහාරයට ලක්වුණා.