Monday, April 29, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවට ප‍්‍රබල දූවිලි කුණාටුවක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඕස්ටේ‍්‍රලියාවට ප‍්‍රබල දූවිලි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේ ගිනිකොණදිග ප‍්‍රදේශයටයි.

දූවිලි කුණාටුව හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියානු අහස තැඹිලි පැහැයට හැරී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සිඞ්නි නගරයට සහ නිව්සවුත්වේල්ස් යන ප‍්‍රාන්තවලටද මෙමගින් බලපෑම් එල්ල වී තිබූ අතර ගුවන් ගමන් කටයුතුවලටද බාධා එල්ල වුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වර්ග කිලෝමීටර් 500 ක් පමණ ප‍්‍රදේශයක් හරහා හමාගිය මෙම දූවිලි කුණාටුවේ බලපෑමෙන් සෞඛ්‍ය ගැටළුද ඇතිවීමේ අවදානමක් පවතින බවයි.