තායිවාන ජනාධිපතිනි ‘‘සායි යින් වෙන්’’ සිය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, පැවති ප්රාදේශීය මැතිවරණයෙන් දරුණු පරාජයකට පත්වීමත් සමඟයි.
චීනයෙන් පූර්ණ ස්වාධීනත්වයක් අපේක්ෂා කරන ඇයගේ ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලි පක්ෂය 2016 දී බලයට පත්වීමත් සමඟ චීනය සමඟ පැවති සබඳතා දැඩි ලෙස පළුදු වුණා. එහෙත් චීනය තවමත් සලකන්නේ තායිවානය තම රටට අයත් ප්රාන්තයක් ලෙසයි.