Friday, January 3, 2025

General line - 0115112241

ඉරානයේ භූමිකම්පාවකින් පුද්ගලයින් 700ක් තුවාලයි

දිනුක් හේවාවිතාරණ




බටහිර ඉරානයේ ඊයේ (25)  රාත්‍රියේ සිදුවූ රිච්ටර් ඒකකයේ 6.3ක ප්‍රභල භූමිකම්පාවෙන් පුද්ගලයින් 700ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඉරාන බලධාරීන් සඳහන් කරන්නේ තුවාල ලැබූ බොහෝ පිරිස් ගොඩනැගිලි කඩා වැටීමෙන් තුවාල ලබා ඇති බවයි. භූමිකම්පාව හේතුවෙන් මේ දක්වා කිසිදු පුද්ගලයෙක් මියගොස් නැහැ.

ඒකක 6.3ක ප්‍රභල භූකම්පනයෙන් පසු පසු කම්පන 160 කට වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඇති අතර ඉන් භූකම්පන දෙකක් ඒකක 5 ට වැඩි අගයකින් යුත් ඒවා බවයි භූවිද්‍යා සමීක්ෂණ බලධාරීන් සදහන් කරන්නේ.

2017 වසරේදී මෙම අපි කේන්ද්‍රය ආසන්නයේ සිදුවූ භූමිකම්පාවෙන් පුද්ගලයින් 600ක් මියගියා.