Friday, September 20, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස්ගෙන් නව වාර්තාවක්!



ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වෙනවා

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් මේ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 149 ලබාගෙන සිටිනවා.

එහිදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

එම ශතකයට 4 පහර 14 හා එක් හයේ පහරක් වාර්තා වුණා.

එහිදී ඔහු 6 පහරකින් ශතකය ලබාගැනීම විශේෂත්වයක් වුණා.

අඩුම වයසකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් ලබාගත් ක්‍රීඩකයා ලෙස මෙන්ඩිස් වාර්තා පොත් අතරට එක්වුණා.