Tuesday, April 30, 2024

General line - 0115112241

නවසීලන්තයේදි පැරදුනත් මාලිංග, තිසර සහ කුසල්ගේ ස්ථාන ඉහළ යයි

තරංග රුක්ෂාන් ජයසේකර




නවසීලන්ත තරගාවලියේදී දැක්වූ දක්‍ෂතා මත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු නවතම එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබෙනවා.

පන්දු යවන්නන් අතර ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් ලසිත් මාලිංග මේ වනවිට පසුවන්නේ 46 වන ස්ථානයේයි.

පිතිකරුවන් අතර ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් නිරෝෂන් දික්වැල්ල 26 වන ස්ථානයේත්, ස්ථාන 22 ක් ඉදිරියට පැමිණෙමින් තිසර පෙරේරා 65 වන ස්ථානයේ පසු වනවා.

ස්ථාන 7 ක් ඉදිරියට පැමිණි කුසල් ජනිත් පෙරේරා පසුවන්නේ නවතම ශ්‍රේණිගත කිරීමේ 66 වන ස්ථානයේයි.

ස්ථාන 11 ක් ඉදිරියට පැමිණි ධනුෂ්ක ගුණතිලක පිතිකරුවන් අතර 82 වන ස්ථානයට පත්ව තිබෙනවා.