Friday, September 20, 2024

General line - 0115112241

‘මට ක්‍රිකට් බඩු අරන් දෙන්න තාත්තා මේසන් වැඩ කළා‘- කුසල් මෙන්ඩිස් හෙළි කරයි



මේ මොහත වන විට යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් පිළිබඳව බොහෝ දෙනා කතාබහ වෙනවා.

ඒ ඔහු සංචාරක ඔස්ට්‍රෙිලියානු කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබාගැනීම නිසායි.

ඔහුගේ එම ශතකය ශ්‍රීලාංකික ක්‍රීඩකයෙකු අඩුම වයසකදී ඔස්ට්‍රේලියාවට එරෙහි ශතකයක් ලබාගත් අවස්ථාවද වනවා.

ශ්‍රීලංකා ක්‍රිකට් නිළ පිටුවේ කුසල් මෙන්ඩිස් පිළිබඳ යම් සටහනක් මීට සුලු මොහොතකට පෙර පලකර තිබුණා.

එහි දැක්වුනේ කුසල් මෙන්ඩිස් සිය අතීතය හෙළිකරන අයුරුයි..

එහි මෙසේ සඳහන් වුණා.

‘‘වයස 21දීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමණීමට හැකිවීම පිළිබඳ මා සතුටු වනවා.
මා හැදී වැඩුනේ ක්‍රිකට් ක්‍රීඩාවට,බයිලා සංගීතයට මෙන්ම දැව භාන්ඩ වලට ප්‍රසිද්ධියක් උසුලන මොරටුව නගරයේයි.
කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය මට තිබුණා.ඒ වෙනුවෙන් කැපවුණා.
මා අඩු ආදායම් ලාභි පවුලක සාමාජිකයෙක්.
අපේ පවුලේ ප්‍රධාන ආදායම වුනේ තාත්තාගේ වඩු කර්මාන්තයයි.
ඒ වගේම ඔහු නිවසේ අවශ්‍යතා සැපියිමට මෙන්ම මා හට අවශ්‍ය ක්‍රිකට් උපකරණ මිලදී ගන්න පෙදරේරුවෙක් ලෙසද වැඩ කළා.
තාත්තා මට අරන් දුන්න බැට් එක මට තාම මතකයි.
එය පකිස්ථානයේ නිෂ්පාදිත ඉර්ෆාන් වර්ගයේ බැට් එකක්.
ඒ මොහොතේ ඉදන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සිහිනය පසුපස මම ආවා.
එංගලන්තයේදී අර්ධ ශතක කිහිපයක් ලබාගැනීමට හැකිවිම මා හට ධෛර්යයක් ගෙන දුන්නා‘‘.