Sunday, May 5, 2024

General line - 0115112241

රොජර් ෆෙඩරර් අනපේක්ෂිත පරාජයකට මුහුණපායි

තරංග රුක්ෂාන් ජයසේකර




ලොව සුපිරි ටෙනිස් ක‍්‍රීඩකයෙකු වන ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් අද අනපේක්ෂිත පරාජයකට මුහුණපෑවා. ඒ, ලොවක් බලා සිටි  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේදීයි. ඔහු මෙලෙස පරාජයට පත් වුණේ තවමත් 20 හැවිරිදි වියේ පසුවන ග‍්‍රීක ජාතික ස්ටෙෆනොස් සිට්සිපී හමුවේයි.

මෙම ජයග‍්‍රහණයත් සමග ඔහු  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. එය සැලකෙන්නේ ටෙනිස් ඉතිහාසයේ ප‍්‍රධාන පෙලේ ග‍්‍රෑන්ඞ්ස්ලෑම් තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු ග‍්‍රීක ජාතික ක‍්‍රීඩකයා ලෙසයි. ඔහු අද පැවති තරගයේ දී 37 හැවිරිදි රොජර් ෆෙඩරර් පරාජයට පත් කළේ වට 3ට - 1ක් ලෙසින්. වසර 16ක ඉතිහාසය තුළ ෆෙඩරර් ප‍්‍රධාන පෙලේ ටෙනිස් තරගාවලියක අවසන් 08 දෙනා අතරට තේරීපත් නොවූ දෙවන අවස්ථාව ද මෙය වනවා. 

මේ අතර මෙම තරගයට පෙර සුපිරි ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාත් කෝලි සහ ඔහුගේ බිරි`ද වන සුපිරි ඉන්දීය නිළි අනුෂ්කා ශර්මා, රොජර් ෆෙඩරර් මුණගැසී ලබාගත් ඡුායාරූපයක් ද ලොවපුරා කාගෙත් අවධානය දිනා ගත්තා.