Sunday, April 28, 2024

General line - 0115112241

කුඩාවැල්ල වෙඩි තැබීමට තවත් සැකකරුවෙක් ඇතුලට




තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ දී ඉකුත් දෙසැම්බර් 25 වනදා සිදු වූ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, බෙලිඅත්ත ගලගම ප‍්‍රදේශයේදීයි. අදාළ වෙඩි තැබීම සදහා යොදාගත් යතුරු පැදියද බෙලිඅත්ත ප‍්‍රදේශයේ පොල් වත්තක කාණුවක් තුළ සගවා තිබියදී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. 

යතුරුපැදිය සදහා යොදාගත් ආරක්ෂිත හිස්වැසුම් 02ක් ද පුළුස්සා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.