Sunday, May 5, 2024

General line - 0115112241

මෙරට ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක ගත් බවට තහවුරු වෙයි (PHOTOS)

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කබඩි කී‍්‍රඩකයෙකුට සහ කී‍්‍රඩිකාවකට තහනම් උත්තේජක චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඉකුත්දා පොළොන්නේරුවේ පැවති ජාතික මහා කි‍්‍රඩා උළලේදී ඔවුන් තහනම් උත්තේජක ලබා ගත් බවටයි අනාවරණ වී ඇත්තේ. එහිදී ඔවුන්ගෙන් ලබාගත් මුත‍්‍ර සාම්පලවල තහනම් උත්තේජක සංඝටක අඩංගු බවට තහවුරු වී ඇතැයි උත්තේජන මර්දන නිවාරණ ආයතනය සඳහන් කළා.

පරීක්‍ෂණය සිදුකර ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලි නුවර රසායනාගරයකදීයි. 

සබරගමුව පළාත නියෝජනය කළ සචිනි මනෝරි ජයසිංහ සහ දකුණු පළාත නියෝජනය කළ චාමර නුවන් චතුරංග මෙලෙස චෝදනාවට ලක්ව සිටිනවා. ජාතික මහා කී‍්‍රඩා උළලේදී දක්ෂතම කබඩි කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත්තේද සචිනි මනෝරි ජයසිංහයි.

ඇය ආසියානු සහ දකුණු ආසියානු කී‍්‍රඩා උළලවලදීද ශී‍්‍ර ලංකාව නියෝජනය කර තිබෙනවා. චාමර නුවන් චතුරංගද දකුණු ආසියානු කී‍්‍රඩා උළලේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයෙක්. තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීම හේතුවෙන්  මෙම කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවට තාවකාලික තරග තහනමක් ද පනවා තිබෙනවා.