Sunday, May 5, 2024

General line - 0115112241

විරාත් කෝලි ICC සම්මාන තුනම දිනා ගනියි

දිනුක් හේවාවිතාරණ




වසරේ අයිසීසී ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන ශ්‍රීමත් ගාර්ෆිල් සෝබර්ස් කුසලානය ඇතුළු ප්‍රධාන පෙළේ අයිසිසි කුසලාන තුනක් දිනා ගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා වීමට විරාත් කෝලි සමත් වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන උත්සවයේදී.

විරාත් කෝලි විසින් 2018 වසරේ අයිසිසි වසරේ ක්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සහ වසරේ එක්දින ක්‍රීඩකයා යන සම්මාන දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඊට අමතරව ඔහු වසරේ අයිසිසි ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ද නම් කර තිබෙනවා.

මේ අතර 2018 වසරේදී කෝලි ටෙස්ට් තරග 13කදී ශතක පහක් සමගින් ලකුණු 1,322ක් රැස් කර ගැනීමට සමත්ව ඇති අතර එක්දින තරග 14 කදී ශතක 06ක් සමගින් ලකුණු 1202ක් රැස් කර ගැනීමට සමත්ව තිබෙනවා.