Sunday, May 5, 2024

General line - 0115112241

ICC වසරේ ටෙස්ට් කණ්ඩායමට දිමුත් නම් කෙරේ : වසරේ හොඳම විනිසුරු කුමාර් ධර්මසේන

දිනුක් හේවාවිතාරණ




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද 2018 වසරේ ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම් කර තිබෙනවා. අයිසිසි ය විසින් නම් කරන ලද මෙම කණ්ඩායමේ නායකත්වයට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි නම් කර ඇත.

අයිසිසි ය විසින් නම් කරන ලද වසරේ ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් වී ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ දිමුත් කරුණාරත්න පමණක් වීමද විශේෂත්වයක්. එමෙන්ම එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඔහු නම් කර ඇති අතර ඔහු ගේ සහයක ආරම්භක පිතිකරු ලෙස නම් කර තිබෙන්නේ නවසීලන්ත පිලේ ටොම් ලතැම්ය. 

අයිසිසි ය නම් කරන ලද වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා පිලේ කිසිදු ක්‍රීඩකයෙක් ඇතුලත් නොවීමද විශේෂත්වයක්. 

මේ අතර අයිසිසිය විසින් පිරිනමන වසරේ හොදම විනිසුරුවරයාට හිමි ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන සමත්ව තිබෙනවා. ඔහු හොඳම විනිසුරුවරයාට හිමි අයිසිසි සම්මානය දිනා ගනු ලැබූ දෙවන අවස්ථාව මෙය වනවා.