Tuesday, April 30, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන් හමුදා බුද්ධි අංශ ගොඩනැගිල්ලකට තලෙයිබාන් ප්‍රහාරයක් : 43 දෙනෙක් ජිවිතක්ෂයට (VIDEO)

දිනුක් හේවාවිතාරණ




ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආසන්නයේ පිහිටි හමුදා බුද්ධි අංශ ගොඩනැගිල්ලකට එල්ලවූ තලෙයිබාන් ත්‍රස්ත ප්‍රහාරයෙන් එහි සිටි පුද්ගලයින් 43 දෙනෙක් මියගොස් තවත් 54 දෙනෙක් තුවාල ලබා ඇත.

තලෙයිබාන් සටන්කාමින් විසින් හමුදා බුද්ධි අංශ ගොඩනැගිල්ල තුලට කඩා වැදී කාර් බෝම්බයක් පුපුරුවා හැර ඇති අතර පසුව වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බුද්ධි අංශ ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ දරුණුතම ප්‍රහාරයක් ලෙස මෙය සැලකෙනවා.

තලෙයිබාන් සටන්කාමීන්ට එරෙහිව සිදුකරනු ලබන හමුදා මෙහෙයුම් සඳහා මෙම ප්‍රහාරයෙන් දැඩි පසුබෑමක් මෙමගින් එල්ල වන බවයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර තලෙයිබාන් සටන්කාමින් විසින් අද (22) දිනයේදී කටාර් හිදී අමෙරිකාව සමග සාකච්ජාවක්ද පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.