Tuesday, April 30, 2024

General line - 0115112241

ලෝක කුසලානය නිසා වැඩිහිටියන්ට පමණක් සීමා වූ සඟරා නතර කිරීමට තීරණය කළ රට

තරංග රුක්ෂාන් ජයසේකර




වැඩිහිටියන්ට පමණක් සීමා වූ සඟරා අලෙවි කිරීම නතර කිරීමට ජපානයේ ප‍්‍රධාන පෙලේ වෙළඳජාල 02ක් තීරණය කර තිබෙනවා. ඒ, මෙම වසරේ පැවැත්වෙන රග්බි ලෝක කුසලානය සහ ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින්. 

මෙම වෙළඳජාල 02හි හිමිකරුවන් පවසන්නේ තම රටට පැමිණෙන සියලූ පාරිභෝගිකයින්ට යෝග්‍ය වෙළඳ වටපිටාවක් සැකසීම මෙහි අරමුණ බවයි. 

මෙම වෙළඳජාල 02 සතුව ජපානය පුරා ඇති ප‍්‍රධාන පෙලේ වෙළඳසැල් සංඛ්‍යාව 34,000කට අධිකයි. රග්බි ලෝක කුසලානය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී ද, ඔලිම්පික් උළෙල ලබන වසරේ ජූලි මාසයේ දී ද ජපානයේ පැවැත්වීමට නියමිතයි.