Saturday, May 4, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය අගමැතිනියගෙන් එරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අනතුරු ඇගවීමක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ප‍්‍රමාද වන බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය හමුවේ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ එරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරිය පවසන්නේ ගිවිසුම ප‍්‍රමාද කිරීම රට තුළ පවතින අර්බුධ සඳහා විසඳුමක් නොවන බවයි.

ගිවිසුම් ප‍්‍රකාරව එළඹෙන මාර්තු මස 29වනදා උදෑසන 11ට බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්විය යුතු වනවා.

එහෙත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලියට එරෙහිව කටයුතු කරමින් සිටින බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් පවසන්නේ යුරෝපා සංගමයෙන් වෙන්වීමට ඇති කාලය දීර්ඝ කර ගත යුතු බවයි.

ගිවිසුම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය හා යුරෝපා සංගමය තවදුරටත් සාකච්ඡුා කළ යුතු බවද එම මන්තී‍්‍රවරුන්ගේ අදහසයි. යුරෝපා සංගමයෙන් වෙන්විය යුතුද නැද්ද යන්න විමසා බැලීම සඳහා 2016 වසරේ ජුනි මාසයේදී පැවැති ජනමතවිචාරණයේදී බි‍්‍රතාන්‍ය වැසියන් බහුතරයක් යුරෝපා සංගමයෙන් වෙන්විය යුතු බවට ඡන්දය ප‍්‍රකාශ කළා.