Saturday, May 4, 2024

General line - 0115112241

ස්වභාවික සම්පත් සොයා චන්ද්‍රයා මත කැණිම් කිරිමේ සුදානමක්

දිනුක් හේවාවිතාරණ




යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ස්වභාවික සම්පත් සොයා ගැනිමේ අරමුණෙන් යුතුව චන්ද්‍රයා මත කැණිම් කටයුතු ආරම්භ කිරීමට සුදානම් වනවා.

නිවේදනයක් නිකුත් කරමින් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරන්නේ වසර 2025 දී මෙම කැණිම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි. මේ සඳහා යුරෝපා අභ්‍යවකාශ සමාගමක් වන "ඒරියන් ගෘප්" සමග වසරක ගිවිසුමක් අත්සන් කර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම කැණිම් කටයුතු හරහා චන්ද්‍රයා මත ජලය සහ ඔක්සිජන් වායුව සොයා ගැනිම සදහා මෙහෙයුම් ඇරඹීමට නියමිතයි. 

ඊට අමතරව ඉදිරි අභ්‍යවකාශ නිරික්ෂනයන් සඳහා චන්ද්‍රයා මතදී රොකට්ටු සඳහා අවශ්‍ය ඉන්ධන නිෂ්පාදනය කිරිමට හැකියාවක් ඇත්ද යන්න මෙහිදි සොයා බැලීමට නියමිතයි.

චන්ද්‍රයාගේ "රෙග්ලියොත්" ප්‍රදේශයේ පිහිටා තිබෙන පස් තට්ටුව මත යකඩ ඔක්සයිඩ් පොහොසත් බවත් ඒ අනුව එම පස් තට්ටුවට යටින් ඔක්සිජන් ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරන බවයි යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ මානව සහ රොබෝ තාක්ෂණ ඒකකයේ ප්‍රධානි ඩෙව්ඩ් පාකර් සඳහන් කරන්නේ.

කැණිම් කටයුතු සිදු කිරිමට අවශ්‍ය උපකරණ ඉදිරි වසර කිහිපයේදි චන්ද්‍රයා මතට යැවීමට සැලසුම් කර ඇති බවත් වසර 2025 දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට නියමිත බවයි යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කරන්නේ.