Sunday, May 5, 2024

General line - 0115112241

ෆේස්බුක් සමාගම නව පිම්මකට සැරසේ

දිනුක් හේවාවිතාරණ




ෆේස්බුක් සමාගම විසින් සිය ඉන්ස්ටග්‍රෑම් වට්ස්ඇප් හා ෆේස්බුක් මැසෙන්ජර් සේවා ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

මෙම සමාජ ජාල සේවාවන් මේ වන විට තනි තනිව සිය සේවාවන් සපයන අතර ඉදිරියේදී මෙය ඒකාබද්ධ කිරීම තුලින් පණිවිඩ හුවාමාරු කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට හැකි වනු ඇති බවයි ෆේස්බුක් සමාගම සඳහන් කරන්නේ.

 මෙය ඉතා දිගු කාලින ක්‍රියාවලියක් බවත් එය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ෆේස්බුක් පරිශිලිනය කරන පුද්ගලයෙකුට වට්ස්ඇප් ගිණුමක් පමණක් ඇති පුද්ගලයෙකුට සෘජුව සන්නිව්දනය කිරීමේ හැකියාව පවතින් බවයි එම සමාගම සඳහන් කරන්නේ.

මේ වන විටත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර මේ වසර අවසානයේදී හෝ ලබන වසරේ මුල් කාල සීමාවේදී එය අවසන් කොට සේවා පහසුකම ලබාදීමට හැකි වනු ඇති බව ෆේස්බුක් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.