Saturday, May 4, 2024

General line - 0115112241

බ්‍රසීලයේ වේල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 200 දෙනෙක් අතුරුදහන් වෙයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




දකුණු බ්‍රසීලයේ පතලක් ආසන්නයේ පිහිටි වේල්ලක් කඩා යාමෙන් එහි විවේකාගාරයේ දිවා ආහාරය ගනිමින් සිටි සේවකයින් 200 දෙනෙක් පමණ අතුරුදහන්වී ඇති බව වාර්තා වනවා. එක් වර ගසාගෙන ආ අධික මඩ තට්ටුවක් සමග මෙම වේල්ල කඩා ගෙන ගොස් ඇති බවයි බ්‍රසීල බලධාරින් සඳහන් කරන්නේ.

මේ වන විපතට පත්වූවන් සොයා බ්‍රසීල ජීවිතාරක්ෂක ඒකකයන් ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට මියගිය පුද්ගලයින් 09 දෙනෙකුගේ සිරුරූ සොයා ගැනීමට හැකිවී ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කරනවා.

සිද්ධියෙන් විපතට පත් පුද්ගලයින් රැසක් හෙලිකොප්ටර් යානා යොදවා ගෙන බේරා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇත. සිද්ධියෙන් පතල ආසන්නයේ පිහිටි ගම්මාන කිහිපයක් හා එහි පිහිටි ගොඩනැගිලි සහ වාහන රැසක් සම්පුර්ණයෙන් විනාශවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිට වසර 03කට පෙරද මේ ආකාරයෙන් බ්‍රසීලයේ පතලක් ආසන්නයේ වේල්ලක් කඩා යාමෙන් පුද්ගලයින් 19 දෙනෙක් මියගියා.