Wednesday, May 1, 2024

General line - 0115112241

නිවසක් කොල්ලකා නිවසේ සිටි 17 හැවිරිදි දැරිය සමූහ වශයෙන් අපයෝජනය කරයි

මාධව කුලසූරිය




නිවසක් කොල්ලකෑමට පැමිණි පිරිසක් දැරියක් සමූහ වශයෙන් අපයෝජනයට ලක්කොට ඇති පුවතක් වාර්තා වෙනවා.

යාපනය, ඉලවාලෙයි පත්තාවත්ත නමැති ප්‍රදේශයේ නිවසක් කොල්ලකා අදාළ නිවසේ සිටි 17 හැවිරිදි දැරියක් සමූහ වශයෙන් අපයෝජනයට ලක්කළ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු ඇතුළු කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි යාපනය ඉලවාලෙයි පොලිසිය පවසන්නේ.

පොලිසිය පැවසූවේ ‍නිවස කොල්ලකෑම හා දැරිය අපයෝජනය කිරීමට සෘජුව සම්බන්ධ වී ඇති තරුණයින් වන යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු හා යාපනය ඒලාලෙයි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නිවස කොල්ලකෑම වෙනුවෙන් උපකාර කළ බව කියන තවත් පුද්ගලයෙකු හා නිවස කොල්ලකා ලබාගත් රන් භාණ්ඩ ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසුවා.

සැකකරුවන් පසුගිය 19 වැනිදා අපරාධය සිදුකොට ඇති අතර, පොලිසිය වෙත ලද තොරතුරක් මත සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කළ තිබෙනවා.

සැකකරුවන් අද (28) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසුවා.