Wednesday, May 1, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා හමුදා සාමාජිකයින් වෙත එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති සිය කණගාටුව පළ කරයි




මාලි දේශයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටි ශී‍්‍ර ලංකා හමුදා සාමාජිකයින් වෙත එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය කණගාටුව පළ කරනවා.

එම ප‍්‍රහාරයෙන් ශ්‍රේෂ්ඨ ශී‍්‍ර ලාංකික පුත‍්‍රයින් දෙදෙනෙකු සිය ජීවිතය පරිත්‍යාග කළ පුවත ඇසීමෙන් තමා ඉමහත් කම්පාවට පත් වූ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඔවුන් සිය ජීවිත පරිත්‍යාග කළේ ජගත් මානව සංහතියේ නිදහස් අරමුණු සාක්‍ෂාත් කරදීම සඳහා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පෙන්වා දී තිබෙනවා. ජීවිතක්‍ෂයට පත් වූ හමුදා සාමාජිකයින්ගේ පවුල් වෙත සිය සංවේගය පළ කරන ජනාධිපතිවරයා තුවාල ලැබූ තිදෙනාට ඉක්මන් සුවයද ප‍්‍රාර්ථනා කරනවා.