Sunday, April 28, 2024

General line - 0115112241

ට්‍රම්ප් පාලනය උතුරු කොරියාව ගැන තැබූ විශ්වාසය බිඳ වැටෙන වාර්තාවක් එළියට

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි ආයුධ තවදුරටත් රට තුළ තබා ගනු ඇතැයි අමෙරිකානු නවතම බුද්ධි අංශ වාර්තාවක් අනාවරණ කර තිබෙනවා. මෙමගින් උතුරු කොරියාව පිළිබඳ ට‍්‍රම්ප් පාලනය තබා තිබූ බලාපොරොත්තු බිද වැටෙණු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ. 

ගෝලීය වශයෙන් ඇති තර්ජන පිළිබඳ සිදු කෙරුණු තක්සේරුවකින් අනතුරුව මෙම බුද්ධි අංශ වාර්තාව සකස් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම සිය න්‍යෂ්ටික අවිආයුධ අත්හරිනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි බවයි. කෙසේවෙතත් ඉරානය මේ වනවිට න්‍යෂ්ටික අවි ආයුධ තැනීම අත්හැර ඇතැයි එහි සඳහන්. එමෙන්ම චීනයේ සහ රුසියාවේ සයිබර් තර්ජනය තවදුරටත් වර්ධනය වන ගැටළුවක් බව අමෙරිකානු බුද්ධි අංශ වාර්තාව පවසනවා. එමගින් අවධාරණය කර ඇත්තේ 2020 වසරේ පැවැත්වෙන මැතිවරණයේදී මෙම රටවලින් අමෙරිකාවට බලපෑම් එල්ල වනු ඇති බවයි.

මැදපෙරදිග කලාපයේ අයි. එස්. සටන්කාමීන්ගේ කි‍්‍රයාකාරකම් මෙතෙක් අවසන් වී නොමැති බවද අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.