Sunday, May 5, 2024

General line - 0115112241

රේගුව තවමත් අකුරට වැඩ - පිටකොටුවේ හෙට හර්තාල්

කසුන් කැලුම්




රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් තමන්ට පාඩු සිදුව ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙන්දන්ගේ සංගමය පවසනවා. ඊට විරෝධය දක්වමින් හෙට (05) දිනයේ කොළඹ පිටකොටුව තොග වෙළඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් පවත්වන බවයි කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය පැවසුවේ. මේ, සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර.

එම මාධ්‍ය හමුවේදී කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික අශාන්ත කුමාර ද අදහස් පළ කළා.

මෙම මාධ්‍ය හමුවට රේගු වෘත්තීය සමිති ද එක්ව සිටියා. එහිදී රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති දිනූෂ හෙට්ටිආරච්චි කියා සිටියේ සිය වෘත්තීය කි‍්‍රයාමාර්ගය සඳහා වෘත්තීය සමිති කිහිපයක් සහය පළ කර ඇති බවයි.