Sunday, May 5, 2024

General line - 0115112241

යෝජිත ජාතික ආණ්ඩුවේ අර්බුදය විසඳන්න එජාපය ජනපති හමුවට

ලහිරු කපුගේ




යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ ඉදිරියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කරුණු පැහැදිළි කිරීමක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

තමන් ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධ බව ජනාධිපතිවරයා ඊයේ (04) පැවති ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතමින් කියා සිටියා.

ඒ පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙම අදහස් පළ කළා. 

එහිදී "අගමැතිතුමා තීරණයක් අරන් තියෙනවා ජාතික ආණ්ඩුවක් බිහි කරන්න.. ඒ අනුව අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම තමයි මගේ වගකීම. මේක ජනාධිපතිතුමා සමග කතා කරලා බේරුමක් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ.. එජාපයේ පසුපෙළත් දැඩි විරෝධතාවයක් නෑ..ඡන්දය දෙන දවසට බලා ගන්න පුළුවන්නේ. නීතියේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ කියලා." යනුවෙන් ද සඳහන් කළා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක ඊයේ (04) කියා සිටියේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීමට ව්‍යවස්ථාව අනුව බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවයි.