Wednesday, May 1, 2024

General line - 0115112241

ප්‍රවේශමෙන්! පාසල් පද්ධතියත් මත් ජාවාරම්කරුවන් බිලි ගනියි




ශී‍්‍ර ලංකාවේ පාසල් පද්ධතිය මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප‍්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ පිරිමි දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කර ගනිමින් විවිධ අපරාධ කි‍්‍රයාවල යොදවා ගන්නා බවටද තොරතුරු ඇති බවයි.

 

මෙරට තරුණ පරපුර ආරක්‍ෂා කර ගැනීම සදහා දැඩි වගකීමකින් යුතුව කටයුතු කළයුතු බව මහාචාර්ය චන්න ජයසුමන අවධාරණය කරනවා.

 

කැකිරාව, පලාගල, පරවහගම ප‍්‍රදේශයේ මොණරවිල කැප්පෙටිපොල ස්මාරකය අභියස පැවති උත්සවයකකදී එම කරුණු අනාවරණ කෙරුණා.