Tuesday, April 30, 2024

General line - 0115112241

රේගුවේ සිරවී ඇති කන්ටේනර් නිදහස් කිරීම වේගවත් කෙරේ

හේරත් ඒකනායක/ දිල්ෂාන් තුෂාර




වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය හේතුවෙන් ශී‍්‍ර ලංකා රේගුවේ සිරවී ඇති බහලූම් ඇතුළු නිෂ්කාශන කටයුතු වේගවත් කර තිබෙනවා. ඒ සදහා වෙනදා අනුගමනය නොකරන නව කි‍්‍රයාමාර්ග රැුසක් ගෙන ඇති බවයි රේගු අධ්‍යක්‍ෂ මහේන්ද්‍ර අර්ථනායක ප‍්‍රකාශ ක‍රනවා.

 

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී එස් එම් චාල්ස් ඉකුත්දා එම ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති දින 7 ක් පුරා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් දියත් කළා. 

මේ හේතුවෙන් දෛනිකව නිෂ්කාශනය කරන බහාලූම් ප‍්‍රමාණය සියයට 90 කින් පමණ අඩු වූ බව අනාවරණ වුණා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදි හෙළි වුණේ ආනයනික කන්ටේනර් 4,500 ක් පමණ රේගුවේ සිර වී ඇති බවයි.