Wednesday, May 1, 2024

General line - 0115112241

උතුරේ ක්‍රියාත්මක කල්ලි වලට එරෙහිව පියවර ගැනීම වාර්තා ලැබීමෙන් පසුවට




උතුරු පළාතේ සේවය කරන සිංහල පොලිස් නිලධාරීන්ගේ දෙමළ භාෂා හැකියාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු මෙන්ම පරිපාලන කටයුතුවලටද බාධා පැන නැගී ඇති බවයි. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමිනි.

 

උතුරේ කි‍්‍රයාත්මක විවිධ කල්ලි මැඩලීම සම්බන්ධයෙන්ද ප‍්‍රමුඛ අවධානයක් යොමුකර ඇති බව මෙහිදී ප‍්‍රකාශ කළා.

 

උතුරු පළාත හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම තවත් ප‍්‍රමුඛ කාර්යයක් බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් වැඩිදුරටත් පැවසුවා.

 

උතුරේ කි‍්‍රයාත්මක කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද කැදවා ඇති වාර්තා ලැබීමෙන් පසු ඊට අදාළ දැඩි පියවර ගන්නා බවත් ආණ්ඩුකාරවරයා අවධාරණය කළා.