Friday, September 20, 2024

General line - 0115112241

ක්‍රිකට් වංශකතාවේ ජූලි 29 හිමි අපටයි – ‘අද‘ එය අලුත් වෙයිද?



අදින් වසර 10ට පෙර අද වැනි දිනෙක ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට බිඳහෙලිය අපහසු වාර්තාවක් එක්වුණා.

ඒ එතෙක් මෙතෙක් ක්‍රිකට් වංශකතාවේ වාර්තා වූ ඉහළම පිතිකරණ සම්බන්ධතාවයි.

මෙම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රීලංකාවේ සුපිරි පිතිකරුවන් වූ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනයි.

ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 624ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වුණා.

මොවුන් මෙම වාර්තාව තැබුවේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව වන අතර මෙම තරඟය කොළඹ ssc පිටියේදී පැවැත්වුණා.

මෙහිදී කුමාර් සංගක්කාර සිය ක්‍රිකට් දිවියේ ඉහළම ටෙස්ට් ලකුණු ප්‍ර‍මාණය වන ලකුණු287 ලබාගත් අතර,
ලකුණු 374 ලබාගනිමින් දකුණත් පිතිකරුවෙක් ටෙස්ට් තරඟවලදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මහේල
ජයවර්ධන ලෝක වාර්තාවක්ද තැබීමට සමත් වුණා.

කෙසේ වෙතත් ශ්‍රිලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී කුසල් මෙන්ඩිස් මේ වන විට නොදැවී ලකුණු 169 ලබාගෙන සිටිනවා.ඔහු එහිදී ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් වුවහොත් එයද වාර්තාවක් වනු ඇති බවයි පැවසෙන්නේ.