Sunday, May 5, 2024

General line - 0115112241

යතුරුපැදිවලින් ඇවිත් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි

හේමන්ත කහවලගේ




යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් අද (10) දහවල් තණමල්විල නගරයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ 42 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තැබීමෙන් ඝාතනය වී ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් අයෙකු රෝහල් ගත කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.