Sunday, May 5, 2024

General line - 0115112241

හෙට සිට ඉන්ධන මිලෙහි යළි වෙනසක්

දිනුක් හේවාවිතාරණ




ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් හෙට (11) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා.

ඉකුත් ජනවාරි මස 10 වනදා ඉන්ධන මිල සුත්‍රයට අනුව පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල රු. 2 කින් හා සුපිරි ඩිසල් ලීටරයක් රු. 3 කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා. එලෙස මිල ගණන් පහත දැමු අවස්ථාවේදී ලෝක වෙළදපලේ බොර තෙල් බැරලයක මිල සටහන් වුයේ අමෙරිකානු ඩොලර් 59ක් ලෙසයි.

නමුත් ජනවාරි මස අවසානය වන විට බ්‍රෙන්ට් තැරැව්කාර සමාගමේ මිල දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 62.10ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඔපෙක් සංවිධානය සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය කපා හැරීමට ගෙන ඇති තීරණය සහ වෙනිසියුලාවේ පවතින අර්බුධකාරී තත්ත්වය මත ඉදිරියේදී බොරතෙල් මිල තවත් ඉහළ යනු ඇති බවට විශේෂඥයින් මත පළකර සිටිනවා.