Friday, January 17, 2025

General line - 0115112241

වරක් හිරෙන් පැන්න මත්ද්‍රව්‍ය රජාට අමෙරිකාවේදී දඬුවම් දෙන්න සූදානම්

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මෙක්සිකෝව කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය ජාවාරමේ රජු ලෙස සැලකෙන ජොකුවින් ගුස්මාන් අමෙරිකානු අධිකරණයක් විසින් චෝදනා 10කට වරදකරු කර තිබෙනවා.

හෙරොයින් සහ කොකේන් ජාවාරම් කිරීම, නීති විරෝධි ගිනිඅවි සන්තකයේ තබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය ද මෙම චෝදනාවලට අයත්.

කෙසේවෙතත් ඔහුට දඬුවම් නියම කිරීම තවමත් සිදු කර නැහැ. බොහෝ විට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ඔහුට නියම කෙරෙනු ඇති බවයි නීති විශාරදයින් පවසන්නේ. 

2016 වසරේ ජනවාරී මාසයේ දී මෙක්සිකෝවේ බන්ධනාගාරයකින් පලායමින් සිටිය දී ජොකුවින් ගුස්මාන් අත්අඩංගුවට ගැණුනා. පසුව ඔහු අමෙරිකාවට පිටුවහල් කෙරුණු අතර නඩු විමසීම සිදු කෙරුණේ එහිදීයි.