Sunday, April 28, 2024

General line - 0115112241

අනවසර වැලි ගොඩ දැමීමේ ස්ථානයක් වටලයි : වැලි කියුබ් 15,000ක් නාවික හමුදා භාරයට

දිනුක් හේවාවිතාරණ




ත්‍රිකුණාමලය පෙරිය කින්නියා ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය අනවසර වැලි ගොඩ දැමීමේ ස්ථානයක් වැටලීමට නාවික හමුදාව, පොලිසිය සහ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අද (20) කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියා.

පෙරිය කින්නියා, තිස්සංසෙට්ටි ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබු මෙම අනවසර වැලි ගොඩ දැමීමේ ස්ථානයේ තිබී වැලි කියුබ් 15,000ක් පමණ නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති අතර ඒවා රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.

මේ වන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමට ලබාදී තිබු සියලුම බලපත්‍ර තහනම් කිරීමට රජය ඉකුත්දා කටයුතු කරනු ලැබුවා.