Sunday, April 28, 2024

General line - 0115112241

හිටපු හමුදාපතිවරුන්ගෙන් යුද අපරාධ ගැන ප‍්‍රකාශයක්

තරංග රුක්ෂාන් ජයසේකර




හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබද පැතිර යන ප‍්‍රචාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක පවසනවා. ඒ, හිටපු ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (20) පැවති මාධ්‍ය හමුවකදීයි. 

30 වසරක යුද සමයේදී ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් කිසිදු යුද අපරාධයක් සිදු කර නොමැති බව ජෙනරාල් දයා රත්නායක මෙහිදී කියා සිටියා. 

මෙම මාධ්‍ය හමුවට හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක හා හිටපු නාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ ද එක්ව සිටියා.