Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 197ක ඉලක්කයක්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන ඉණිම ක‍්‍රීඩා කරන දකුණු අප‍්‍රිකානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 128 කට සියලු  සියලු දෙනා දැවී ගියා. පෆ් ඩු ෆ්ලෙසිස් නොදැවී ලකුණු 50යි. පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් කඩුලු 4ක් සහ ධනංජය ද සිල්වා කඩුලූ 03ක් දවා ගත්තා. 

පළමු ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දැවී ගියේ ලකුණු 154කටයි. ඒ අනුව දකුණු අප‍්‍රිකානු පිල ශ‍්‍රී ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 68ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉණිම ආරම්භ කළා. 

තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 197ක ඉලක්කයක් හිමිව තිබෙනවා.