Thursday, May 2, 2024

General line - 0115112241

රන්ජන්ගේ ප්‍රකාශය ගැන වහාම විමර්ෂණයක් අරඹන්න - පොහොට්ටුව කතානායකවරයාගෙන් ඉල්ලයි

ලහිරු කපුගේ/ඩිල්ෂාන් මඩවල




ඇතැම් මැති ඇමතිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජානක වක්කුඹුර කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු මෙම ඉල්ලීම කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදියි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත්ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියා. ඔහු ප‍්‍රශ්න කළේ ශී‍්‍ර ලංකා මහබැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැත්තේ මන්ද යන්නයි. කෙසේවෙතත් මෙම කරුණු දැක්වීමේදී කනක හේරත් මන්තී‍්‍රවරයාට 
ශී‍්‍ර ලංකාවේ නිදහස් දිනය පිළිබද පටලැවීමක් ද සිදුවුණා.

ප‍්‍රශ්නගත බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් නැවත පැවැත්විය යුතු බවද මෙම මාධ්‍ය හමුවේදී යෝජනා කෙරුණා.