Friday, September 20, 2024

General line - 0115112241

කිලෝ 12ක රත්තරං පැළඳ ‘රෝද යාත්‍රාවේ‘ යන ‘රත්තරං බාබා‘(PHOTOS)



මේ දිනවල කවුරු කවුරුත් කතා වෙන්නේ එකාබද්ධ විපක්ෂෙ පාද ‘යාත්‍රාව‘ ගැන.

මේ අයුරින්ම ‘යාත්‍රාවේ‘ යන සාමිවරයෙක් ගැන පුවතක් ඉන්දියාවේන් වාර්තා වනවා.

බොහෝ දෙනා මොහුව හඳුන්වන්නේ ගෝල්ඩන් බාබා නමින්.

ඔහු සෑම අවුරුද්දක් පතාම ඉන්දියාවේ පැවැත්වෙන කැන්වර් යාත්‍රා නම් පූජනීය උත්සවයට සමගාමිව රත්තරං පැළඳගෙන යාත්‍රාවේ යන බව කියැවෙනවා.

කිලෝ 12ක පමණ රත්තරං ඔහු සෑම විටම පැළඳගෙන සිටින අතර ඒවායේ වටිනාකම කෝටි 5 වඩා වැඩි බවයි වාර්තාවන්නේ.

සිය අනුගාමිකයන්ගෙන් ලැබෙන මුදල් වලින් රත්තරං මිලදී ගන්නා බවයි ඔහු පවසන්නේ.

තමා මෙසේ රත්තරං පළඳින්නේ ධනය පෙන්වීමට නොව එය ලක්ෂ්මී දේවියගේ සංකේතයක් නිසා බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

දැනට අවුරුදු 24 තිස්සේ ඔහු මෙසේ කැන්වර් යාත්‍රාවේ ගමන් කරන බව වාර්තාවනවා.

පසුගිය වසරේදී ඔහු සමග යාත්‍රාවේ යාමට 200 ජනකායක් මෙන්ම ආරක්ෂකයන් පිරිසක්ද එක්වී ඇති අතර එම යාත්‍රාවට කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇති බවයි පැවසෙන්නේ.

තමා මියයන තුරාවට මෙසේ කැන්වර් යාත්‍රාවේ යන බව ඔහු පවසනවා.

_b9c07c3a-54ba-11e6-9aeb-9df9517d5433 _70009a4e-54ba-11e6-9aeb-9df9517d5433 _a8231fa0-54ba-11e6-9aeb-9df9517d5433