Wednesday, May 8, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීමක්

දිනුක් හේවාවිතාරණ




පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ඉදිරියේදී පියවර ගැනීමට නියමිත බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල ප්‍රකාශ කර සිටිනවා.
 
මීට පෙරද රාජ්‍ය අංශයට වැටුප් වැඩි වූ අවස්ථා වලදී පෞද්ගලික අංශයටද වැටුප් වැඩි කරන ලෙසද ඉල්ලීම කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව පෞද්ගලික අංශයට අසාධාරණයක් නොවන පරිදි තීරණයක් ගැනීමට රජය පියවර ගන්නා බව ප්‍රකාශ කර සිටියා.
 
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.