Thursday, May 2, 2024

General line - 0115112241

සිරිකොත - ගමට වැඩසටහන ඇරඹේ 




සිරිකොත - ගමට වැඩසටහන අද (10) පෙරවරුවේ පානදුරෙන් ආරම්භ වුණා. ඒ,එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ඒ සඳහා එක්ව සිටියා. කළුතර දිස්ත්‍රික්කයේ සියළු මැතිවරණ බලප්‍රදේශ තුළ අද දිනය පුරා මෙම වැඩසටහන පැවැත්වෙනවා.

කළුතර දිස්ත්‍රික්කය පුරා ජනතාව දැනුවත්  කරමින් ශාඛා සංවිධාන ප්‍රතිසංවිධානය කරමින් සහ ජනතා ගැටළු විසඳමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි මහ ලේකම්වරයා  කියා සිටියේ.