Thursday, May 2, 2024

General line - 0115112241

එල්ල වූ චෝදනා වලට ආණ්ඩුකාරවරුන්ගෙන් පිළිතුරු

සජිත් තිලකරත්න




තමන් කටයුතු කරන්නේ ජනතාව වෙනුවෙන් බව ආණ්ඩුකාරවරුන් පවසනවා. ඒ, ආණ්ඩුකාරවරුන්ගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ එල්ල වුණු චෝදනාවන්ට ප‍්‍රතිචාර දක්වමින්. පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ ඇසූ ප‍්‍රශ්ණයකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය වජිර අබේවර්ධන ප‍්‍රකාශ කළේ ඇතැම් ආණ්ඩුකාරවරුන් නීතිවිරෝධීව කටයුතු කරන බවයි. 

 

කෙසේවෙතත් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ප‍්‍රකාශ කළේ ආණ්ඩුකාරවරුන් කටයුතු කරන්නේ තමන්ට පැවරී ඇති බලතල අනුව බවයි. 

 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න ද එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා. 

 

දේශපාලනඥයින් සිය වගකීම නිසි ලෙස ඉටු නොකරන පසුබිමක ආණ්ඩුකාරවරුන් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙන් ඇතැම් දේශපාලනඥයින් විරසක වී ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.