Thursday, April 25, 2024

General line - 0115112241

ඔලුවිල් ප‍්‍රදේශයේ ජනතාව විරෝධතාවයක




දැඩි ලෙස මුහුදු කෑමකට ලක්ව තිබෙන ඔලුවිල් මුහුදු තීරය රැකීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඔලුවිල් ප‍්‍රදේශයේ ජනතාව අද (29) සවස විරෝධතාවයක් පැවැත්වුවා.

ඔලුවිල් ගම්මානයේ වැසියන් 500 ක් පමන පා ගමනින් ඔලුවිල් මුහුදු තීරය වෙත ගමන් කල අතර පසුව විරෝධතාකරුවන් එකතු වී සංදේශයක් රුගෙන ගොස් අට්ටාලච්චේන සහකාර ප‍්‍රදේශිය මහ ලේකම් ටී.කේ.එස්. අධිෂයරාජ් මහතාට භාරදී තිබෙනවා.

එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන මුහුදුකෑම හේතුවෙන් ඔලුවිල් ප්‍රදේශයේ බලපත්‍ර සහිත ඉඩම් අක්කර සියගණනකට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් යටවී ඇති බවයි.

මේ වන විටත් වරාය අධිකාරියට අයත් ඔලුවිල් තානායම සහ වරාය අධිකාරියේ තවත් ගොඩනැගිල්ලක් මුහුදට සේදි යෑමට ආසන්න බවද ගම්වැසියන් පවසනවා.

oluvil www.nethnews.lk0001 oluvil www.nethnews.lk0002 oluvil www.nethnews.lk0003 oluvil www.nethnews.lk0004 oluvil www.nethnews.lk0005