Sunday, May 5, 2024

General line - 0115112241

ජනපති නම් කළ කණ්ඩායමෙන් මහින්ද සමරසිංහ ඉවත් වෙයි

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය සඳහා තමන් නියෝජනය කරමින් සහභාගී වීමට ජනාධිපතිවරයා නම් කළ කණ්ඩායමෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ ඉවත් වී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම කණ්ඩායමට නම් කළේ මහින්ද සමරසිංහ සහ ආචාර්ය සරත් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන අයයි. 

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමග ඊයේ (12) මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එහිදී තීරණය වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පංච පුද්ගල කණ්ඩායමක් පිටත්කර හැරීමටයි.

කණ්ඩායමේ නායකයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන කටයුතු කරනු ඇති. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ද මෙම කණ්ඩායමට ඇතුළත්.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ එහි සෙසු සාමාජිකයින් වනවා. 

ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව යන මෙම කණ්ඩායම සමග එක්සත් ජාතීන්ගේ ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ. එල්. ඒ. අසීස් සහ එම කාර්ය මණ්ඩලයේ සෙසු නිලධාරීන් ද සහභාගී වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.