Sunday, May 5, 2024

General line - 0115112241

ළමා ගිනුම් වලින් පොලියක් අයකිරීම සහ අලුතින් විවාහ වන පිරිසට දෙන ණය ගැන යළි පැහැදිළි කිරීමක්

දිල්ශාන් තුෂාර




වයස  අවුරුදු 18 නොඅඩු  ළමයින්ගේ ගිණුම් වල රුපියල් ලක්ෂ 12කට වැඩියෙන් ගිණුම්වල ඇත්නම් වසරකට රුපියල් 5000 ක පොලියක් අයකර ගන්නා බව මුදල්  ඇමති මංගල සමරවීර පවසනවා.

"ඉස්සලාම පොඩි පෝසත් ළමයින්ගෙන් අය කර ගන්න ඔනී. ඒකෙ වැරුද්දක් නෑ.. ලොකු බබාලා වුණාම එයාලා හැංගෙනවා. දැන් පෙනවා නේද සමහර ලොකු බබාලා ඇංගිලා ඉන්නවා බදු ගෙවන්නේ නැතුව." යනුවෙන් සඳහන් කළා.

මේ අතර මෙවර තෙල් මිල වැඩි වුණේ මිල සුත්‍රයට අනුව නොවන බවත් ඉදිරියේදී  උත්සව කාලය හේතුවෙන්  ජතතාව ගැන සිත ඉතා අඩු මුදලක් වැඩිකළ බවත් මුදල් ඇමති මංගල සමරවීර පැවසුවා.

එමෙන්ම අලුත විවාහ වන පිරිසට ණය ලබා දීමේදී  අවුරුදු 18ත් 40ත් අතර වයස් සිමාවේ පසුවන පුද්ගලයන්ට පමණක් "හොම් ස්වීට් හොමි" ණය ක්‍රමයට අයදුම් කළ හැකි බව ද ඇමතිවරයා සඳහන් කළා.

අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.