Sunday, May 5, 2024

General line - 0115112241

පොහොට්ටුවට ජනාධිපතිවරණය තනිවම ජයගන්න බැහැ - නිදහස් පක්ෂයේ මහලේකම් කියයි

කමල් සුරවීර - මහනුවර




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව මීලග ජනාධිපතිවරණය ජය ගත නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටත් අද (16) පැවැති මහනුවර දිස්ත්‍රික් නියෝජිත හමුව අමතමින් මහලේකම්වරයා මේ බව කියා සිටියා.

පුළුල් සන්ධානයක් පිහිටුවීම සඳහා සාකච්ඡා පවත්වන අතරතුර පක්ෂ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මෙහිදී කියා සිටියා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ද නියෝජිත හමුව ඇමතුවා.