Sunday, May 5, 2024

General line - 0115112241

එජාපයේ පුළුල් සන්ධානය මැතිවරණයක් ප්‍රකාශයට පත්වීමෙන් පසු




ඉදිරි ජාතික මැතිවරණය සඳහා දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ගොඩනගන බව අමාත්‍ය පී හැරිසන් පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවීමට ආරම්භ කර ඇති සාකච්ඡා පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.