බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක හට ගෙන ඇති ගින්නේ මේ වන විට පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් තිබෙනවා. මියගිය පිරිස අතර එක් ශ්‍රී ලාංකිකයෙක් ද සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරනු ලැබුවේ.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ නිරෝෂ් විග්නරාජා නම් පුද්ගලයෙක් වන අතර ඔහු ගින්නෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලෙන් ඉවතට පැනීමට තැත් කිරීමේදී ගොඩනැගිල්ලෙන් ඇද වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලබා සිටින අනෙක් ශ්‍රී ලාංකිකයා මේ වන විට මුලික ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇත. මෙම පුද්ගලයින් දෙනාම ගින්න හට ගත් ඩකා හි FR ගොඩනැගිල්ලේ 10 වන මහලේ පිහිටි ස්කෑන්වෙල් ලොජිස්ටික් සමාගමේ සේවයේ නියුතුව සිටි අය බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටියේ.
ගින්නට කොටුවී සිටින ඇතැම් පුද්ගලයින් ජිවිත බේරා ගැනීම සඳහා ගොඩනැගිල්ලෙන් බිමට පනින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
..............................................................
බංග්ලාදේශයේ සුවිසල් මහල් ගොඩනැගිල්ලක ගින්නක් : කොටුවූ පිරිස් බේරා ගැනීමට හෙලිකොප්ටර් යානා යොදවයි (PHOTOS / VIDEO)
(28-03-2019 17:16)
බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි මහල් ගොඩනැගිල්ලක ඇතිව තිබෙන ගින්නක් හේතුවෙන් එහි සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
වෙළඳ සංකීර්ණයක් සහ කාර්යාල රැසක් පිහිටි මෙම මහල් 19 කින් යුත් ගොඩනැගිල්ලේ මෙම ගින්න හට ගෙන ඇති අතර දැනට ඇති වාර්තා අනුව ගින්නට හසුවීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. ගින්නට කොටුවී සිටින ඇතැම් පුද්ගලින් ගොඩනැගිල්ලේ ඉහල මාළයට නැග සිටින අතර ඔවුන් බේරා ගැනීමට එරට ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යොදා ගනිමින් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇත.
මේ අතර ගොඩනැගිල්ල තුල සිරවී සිටින පුද්ගලයින් පිරිසක් ද බේරා ගැනීමට ගිනි නිවීමේ ඒකකයේ නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර සිටි.
https://www.youtube.com/watch?v=v3r525zROdY&feature=youtu.be&fbclid=IwAR0wH_YUeTt2c49d3c7-6HyspubSzbnP179uzJPbxK79QvSED5npy69iGXs