Wednesday, May 1, 2024

General line - 0115112241

අමෙරිකාවේදී ගෝඨාභයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවට වාර්තා ?




මේ වන විට ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග එරට අධිකරණයක් හරහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් nethnews.lk ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසා සිටියා. එහිදී සඳහන් කෙරුණේ අදාළ කරුණ සම්බන්ධයෙන් මෙතෙක් සිය අංශය වෙත තොරතුරක් වාර්තා වී නොමැති අතර ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් මත පැහැදිළි කිරීමක් සිදු කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන්නට හැකි බවයි.