Wednesday, May 1, 2024

General line - 0115112241

කසුන් කල්හාරගේ පියා අභාවප්‍රාප්ත වෙයි

හේමන්ත කහවලගේ




ප්‍රවීණ සංගීතඥ එච්. එම්. ජයවර්ධන මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (08) අභාවප්‍රාප්ත වුණේ කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 59ක්. 

මෙරට සංගීත ක්ෂේත්‍රයට අමරණීය ගීත රැසක් තිළිණ කළ ඔහු අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමියා වන අතර ජනප්‍රිය සංගීතඥ කසුන් කල්හාරගේ පියා ද වනවා.