Thursday, May 2, 2024

General line - 0115112241

නැකත්වලින් පසු ප්‍රවාහන සේවා ක්‍රමයෙන් යථා තත්වයට

හර්ෂිකා සංජීවනී




ප්‍රධාන නැකත් චාරිත්‍රවලින් පසු මේ වනවිට පොදු ප්‍රවාහන සේවා තරමක් දුරට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ මගීන්ගේ අවශ්‍යතාව පරිදි කොළඹ මධ්‍යම බස් නැවතුම්පොලෙන් අද (14) පස්වරුවේ බස් රථ යෙදු බවයි. මේ, එහි කොළඹ ප්‍රාදේශීය ධාවන කලමණාකාර ජී එස් එන් පෙරේරා

මේ අතර ජාතික ගමනාගමන කොමිසම පැවසුවේ කෙටි ගමන් සේවා පෞද්ගලික බස්රථවල අඩුවක් පැවතියද දුර ගමන් සේවා බස්රථ වැඩි ප්‍රමාණයක් ධාවනය කිරී‘මට උපරිම පියවර යොදා ඇති බවයි. මොණරාගල, බදුල්ල, ත්‍රීකුණාමලය, අනුරාධපුරය හා මහනුවර ප්‍රදේශවලට වැඩි වශයෙන් බස්රථ ලබාදුන් බව එහි සභාපති ජනක මල්ලිමආරච්චි පැවසුවා.

මේ අතර ප්‍රධාන නැකත් චාරිත්‍රවලින් පසු මගී අවශ්‍යතාව පරිදි දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක බවයි කොළඹ කොටුව දුම්රිය ස්ථාන අධිකාරි පියල් විජේසිරි පැවසුවේ. කෙසේවෙතත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අශ්‍රිතව වැඩි මගීන් පිරිසක් දක්නට නොලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.