Saturday, April 27, 2024

General line - 0115112241

පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ අවන්හල් 2830ක් හඳුනා ගැනේ

ලහිරු කපුගේ




අලූත් අවුරුදු සමයේ දිවයිනම ආවරණය වන පරිදි සිදු කෙරුණු පරීක්ෂා කිරීම්වලදී පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ හා අලෙවි කළ බවට හඳුනාගත් ආයතන 2, 830කට නඩු පවරා ඇති බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ අදාළ කාලසීමාව තුළ ආයතන 21කට මුද්‍රා තබා ඇති බවයි. 

 

එළඹෙන සතිය තුළ අදාළ ආයතන නැවත පරීක්ෂාවකට ලක් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.