Tuesday, April 30, 2024

General line - 0115112241

මදූෂ්ගෙන් CIDය තවදුරටත් ප්‍රශ්න කරයි

මහේෂ් චතුරංග




ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට පත් වූ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මදූෂ්ගෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් සිදු කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මාකඳුරේ මදූෂ් සම්බන්ධයෙන් මේ වනවිට සිදුවන විමර්ශන පිළිබඳ අද මෙලෙස අදහස් ප්‍රකාශ කළා. 

මාකඳුරේ මදූෂ් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. 
ඩුබායිහි පැවැති සාදයක් අතරතුර ඉකුත් පෙබරවාරි මාසයේදී මාකඳුරේ මදූෂ් ඇතුලු 31 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව සිදුකළ විමර්ශන වලින් අනතුරුව කොටස් වශයෙන් අත්අඩංගුවට ගත් පිරිස් අවස්ථා කිහිපයකදී මෙරටට පිටුවහල් කෙරුණා.